පුතු මරා දිවි තොර කරගත් මවක්

ජන 27, 2019

    දිඹුල පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ තරුණ මවක් තම සිගිති පුතාගේ ගෙළ සිර කර මරා ඇයද සිය දිවි හානි කරගෙන තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ කිට්නසාමි නිත්‍යකල්යානි නැමති 26 හැවිරිදි කාන්තාවක්. පවුලේ ඇති වුවේ යැයි කියන ආරවුලක් හේතුවෙන් අද (27) අලුයම් මෙම කාන්තාව විසින් අපරාධය කර ඇති බවට දිඹුල පොලිසිය විසින් සිදු කළ මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

    ඇගේ සැමියා උල් ආයුධයකින් ඇණ ගෙන තුවාල ලබා ඇති බවත්, තුවාල කරු කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරු කරයවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 16:35

    Latest News