තවත් කොවිඩ් මරණ 5ක්..සමස්ත ආසාදිතයින් 69,348ක්

පෙබ 08, 2021

    මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69,348 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ (7) ආසාදිතයින් 5 දෙනෙකු මියයාමත් සමග මරණ සංඛ්‍යාව ද 356ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ වාර්තා වී ඇත්තේ, කොළඹ 15 , වැලිමඩ, වක්වැල්ල ,පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලිනි.

    ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 245කි. ඊට අමතරව ගම්පහ සහ රත්නපුර දිස්‍ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 214ක් සහ 53ක් ලෙස වාර්තාවී තිබේ. අනෙකුත් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්.

    ආසාදිතයින් 5591 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 63,401කි.

    නිරෝධායන මධ්‍යස්ථාන 91ක් තුළ පුද්ගලයින් 8,027 දෙනක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15, 746කි.

    Latest News