එන්නත එක් ලක්ෂ 56,000කට දැනටමත් ලබාදී අවසන්

පෙබ 06, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත එක් ලක්ෂ 56,000කට අධික පිරිසකට ලබා දී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඉකුත් 29 වැනි දින ආරම්භ කෙරුනු කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරෙන්නේ 9 වැනි දිනටයි.

    ඊයේ එන්නත 9,983 දෙනෙක්ට ලබා දී ඇති බවයි, වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ. ඒ අනූව, මේ වන විට එක් ලක්ෂ 56,310 දෙනෙක්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබේ.

    මේ අතර කොවිඩ් - 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 61,461 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රතිශතය 90.58ක්. 8.91%ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6,046 දෙනෙක් ඊට අයත්.

    Latest News