.lk වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

පෙබ 06, 2021

    Google.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් හෝ හැකර් කිරීමක් සිදුව ඇත. 

    මේ වන විට google.lk වෙබ් අඩවියට පිවිසීමට නොහැකිය.

    ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා පරිශිලයින් දැනුවත් කරමින් සඳහන් කරන්නේ .lk වෙබ් අඩවි රැසකට ද මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

    ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ පරිගණක හදිසි සංසදය අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බව සදහන් කෙරේ.

    මේ හේතුවෙන් යම් ගැටළුවකට මුහුණ දී සිටින පාර්ශවයන්ට ඒ සම්බන්ධයෙන් 011 4216061 දුරකථන අංකයෙන් හෝ http://NIC.LK වෙබ් අඩවියට පිවිසීමෙන් වාර්තා කරන ලෙස දැනුම් දීමක් කරනු ලැබේ.

    Last modified on සෙනසුරාදා, 06 පෙබරවාරි 2021 19:27

    Latest News