ඊයේ ආසාදිතයින් 735ක්...බදුල්ලෙන් 105ක්

පෙබ 06, 2021

    ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 735 දෙනෙක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

    එම ආසාදිතයින්ගෙන් 729 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්තවීම ආරම්භ වූ කොවිඩ් පොකුරෙන් වෙයි. සෙසු ආසාදිතයින් 06 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වෙයි.

    ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 158ක් ලෙසයි. නාරාහේන්පිට ප්‍රදේශයෙන් ආසාදිතයින් 16ක්, කොම්පඤ්ඤ විදියෙන් 14ක්, මහරගම 12ක් සහ දෙමටගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් පිළියන්දල සහ බොරැල්ල ප්‍රදේශ වලින් ආසාදිතයින් 11 බැගින් වාර්තා වී තිබේ.

    දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 105 බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ.

    Latest News