වතුකරයේ කම්කරුවන් අද හර්තාල්

පෙබ 05, 2021

    වතුකම්කරු වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරන ලෙස වතු සමාගම්වලට බල කරන හර්තාල් ව්‍යාපාරයක් අද පැවැත්විණ. ලංකා කම්කරු කොංග්‍රසය සංවිධාන කළ හර්තාල් ව්‍යාපාරය,වතුකරයේ ප්‍රධාන නගර රැසකම ක්‍රියාත්මක වූ බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

    දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතුකම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කළේය.

    ඊට ප්‍රතිචාර දැක්වූ රජය පසුගිය අය වැයෙන් දෛනික දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනාවක් ගෙන එනු ලැබීය.

    වතු සමාගම් හා අදාළ පාර්ශව සාකච්ජාවට ගණනාවක් පැවැත්වුවද, අවසන් තීන්දුවකට එළඹීමට නොහැකි විය.

    එබැවින්, ඉල්ලීම් ලබා ගැනීමට හර්තාල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වතු කම්කරුවන් එහිදී තීරණය කළේය.

    ඒ අනූවයි, අද හැටන් බගවන්තලාව,නෝර්වුඩ්,මස්කෙළිය,තලවකැළේ ඇතුළු ස්ථාන කිහිපයක හර්තාල් ව්‍යාපාරය සංවිධාන කෙරිණ.

    Latest News