වර්ජනය නොකරන වතු කම්කරුවන්ට බලපෑමක්

දෙසැ 06, 2018

    වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බලපැම් කරමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් වතුකරය පුරා දියත් කර ඇති වැඩ වර්ජන වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට සහයෝගය නොදක්වන වතු කම්කරුවන්ට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් විසින් අද (06) බාධා පමුණවා තිබේ.

    නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතු යායේ තේ දළු නෙලමින් සිටි වෙනත් වෘත්තිය සමිතියක වතු කම්කරුවන් පිරිසකට තේ දළු නෙලිමේ කටයුතු වලට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් විසින් බලපැම් කිරිම හේතුවෙන් නොර්වුඩ් පොලිසියේ නිලධාරින්ටද මැදිහත් විමට සිදු වි ඇත.

    ලංකා කම්කරු කොන්ග්‍රසය අවධාරණය කර සිටින්නේ සමස්ත වතු කම්කරු ජනතාව වෙනුවෙන්ම වැටුප් වැඩි කිරිම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිය ඇති බව ඒ සදහා වෘත්තිය සමති භේදයකින් තොරව තම පක්ෂය ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමර්ගයට සහයෝගය දක්වන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසය ඉල්ලා සිටියි.

    මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය නොදක්වන වතු කම්කරුවන් කියා සිටින්නේ තමන් වැඩ වර්ජනයේ නිරත වුව හොත් ලබන මස තෛපොංගල් දිනය යෙදෙන බවත්, එ සදහා තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිවන නිසා තමන් සුපුරුදු පරිදි තේ දළු නෙලිමේ කටයුතු වලට වාර්තා කරන බවයි.

    වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හම්පුතුන්ගේ සංගමය හා වතු එකා බද්ධ වෘත්තිය සමිති අතර මෙතෙක් පැවති සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන් විම හේතුවෙන්  ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් වතු සමාගම්වලට එරෙහිව  වතුකරය පුරා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කර ඇත.

    DSC06680

    DSC06686

    DSC06684

    Latest News