ජනපතිගේ වේදිකාවේ පොරොන්දුවක් යථාර්තයක් බවට - වතු කම්කරු වැටුප මාර්තු 1 ඉහළට

ජන 15, 2020

    වතු කම්කරුවෙකුගේ දෛනික අවම මාර්තු 01 වැනිදා සිට වැටුප රුපියල් 1000ක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

    මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

    තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබේ. දැනට ක්‍රියාත්මක බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් ඊට ඇතුළත්වේ.

    වතු සමාගම්වලට මෙම සහන හිමිවන බැවින් එහි ප්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍රයක ලබන දියුණුවට සමගාමීව එහි ප්‍රතිලාභ කම්කරුවාට හිමිකර දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිතුමා පවසයි.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 10:30

    Latest News