700ක් මදි; 140ත් කපලා; වතුකරය යළි උණුසුම්

ජන 27, 2019

    හැටන් - බගවන්තලාව, බලංගොඩ ප්‍රධාන මාර්ග බගවන්තලාව නගරයේ පාලම අවහිර කරමින් වතුකම්කරුවන් පිරිසක් අද (27) උදැසන සිට විරෝධතාවක නිරත වෙයි.

    වතු හාම්පුතුන්ගේ සංගමය , වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය මැදිහත් වි තමන් වෙත ලබාදුන් රු.700ක  මුලික වැටුප ප්‍රමාණවත් නොවන හා මෙම නව වැටුප් වැඩි කිරිමේදී මීට ඉහළ තමන් වෙත ගෙවූ දිරි ගැන්විමේ දිමනාව වන රු.140 මෙවර වැටුප් වැඩි කිරිමට ඇතුලත් කර නොමැති බව පවසමිනුයි මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ.

    විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ තමන්ට රු. 1000ක මුලික වැටුපත් ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් පොරොන්දු වී තමන්ට රු .700 මුලික වැටුපක් පමණක් ලබා දි තමන්ව මුලා කල බවයි.

    වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන ලෙසට විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටී.

    ප්‍රධාන මාර්ග අවහිර කර තිබිම  නිසා හැටන් ප්‍රදේශයෙන්  බගවන්තලාව නගරයට ධාවනය වන කිසිදු රථ වාහනයකට නගරය තුලට  ඇතුල්කිරිමට නොහැකි වි තිබේ.DSC07679

    DSC07686

    DSC07682

    DSC00701

    DSC00706

    DSC00709

     

     

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 12:43

    Latest News