සේනාට මිලියන 250න් නොනැවතුන වන්දියක්

ජන 27, 2019

    මිලියන 250න් නොනැවතී සේනා දලඹුවන්ගෙන් හානි වූ ගොවිබිම් සදහා වන්දි ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

    හානි වූ ගොවිබිම් සමීක්ෂණ කටයුතු වෙනුවෙන් කෘෂිකර්ම නිලධාරීන් යොමුකර ඇති බවත් එහිදී ඇතැමි දලඹු ව්‍යවසනයට ප්‍රබලව ලක්වූ වගාවන් විනාශ කිරීමේදී ගොවියා ද කැපකිරීමක් කලයුතුව ඇති අතර වගාවන් සදහා හෙක්ටයාරයකට රුපියල් හතලිස් දහසක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    බඩඉරිගු අතරමැදින් යල කන්නයට පෙර වගා නොකරන ලෙස කෘෂි නිලධාරීන් දැනුවත් කරන ලද්දේ දලඹුවා මර්ධනය සහ පාලනය වෙනුවෙන් බව අමාත්‍යවරයා පැවැසීය.

    ප්‍රාදේශීය මටිටමින් දලඹුවා පාලනයට ක්‍රියාමාර්ග රැසක් මේවන විට රැගෙන ඇතිබවත් මර්ධනය උදෙසා ගතහැකි ඔීනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.රටම දළඹු ව්‍යවසනය වෙනුවෙන් පෙලගැසී ඇති බවත් රාජ්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් කරන ලද කැපවීම අමාත්‍යවරයා මෙහිදී සිය ඇගයීමට ලක් කළේය.කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුර - රඹෑව, සදමල්ගම ගොවිජනතාව හමුවෙමින්.

    Latest News