හමුදා අඩස්සියේ තිබූ යාත්‍රා 13ක් යළි ඉන්දියාවට

ජන 27, 2019

    ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ තිබූ තවත් ට්‍රෝලර් යාත්‍රා 13ක් යළි ඉන්දියාවට ඊයේ බාර දෙනු ලැබුවා.

    ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. එම ට්‍රෝලර් යාත්‍රා කරෙයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර සහ නච්චිකුඩා ශ්‍රී ලංකා නෞකා බුවනෙක ආයතනයෙහි ජැටියේ නැංගුරම්ලා තිබුණා. ඉන්දීය ඉංජිනේරුවන් පිරිසක් පසුගියදා පැමිණ එම ට්‍රෝලර් යාත්‍රා අලුත්වැඩියා කරනු ලැබුවා.

    ඒ අනූවයි, එම යාත්‍රා ඉන්දියාවට පිටත් කර හැරුණේ. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් ද ට්‍රෝරල් යාත්‍රා ඉන්දියාවට බාර දීමේ අවස්ථාවට එක්වුණා. ඒ අනූව, ඊයේ පසුවරුවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේ දී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අමේයා නෞකාව වෙත බාර දුන්නා.

     

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 12:16

    Latest News