කොළඹ – පුත්තලම A-03 මාර්ගය හෙට වැසේ

පෙබ 05, 2021

    කොළඹ – පුත්තලම A-03 ප්‍රධාන මාර්ගය හෙට (06) උදෑසන 6.00 සිට අනිද්දා (07) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලිසිය දැනුම් දෙයි.

    ඒ එම මාර්ගයේ මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙන් ය.

    මෙම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය ජනතාවට හා රියැදුරන්ට දැනුම් දෙයි.

    Latest News