ඊයේ(02) කොවිඩ්19 ආසාදිතයින් 715ක්

පෙබ 03, 2021

    ඊයේ(02) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ 19 ආසාදිත පුද්ගලයින්‌ 715 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ සියලුදෙනා දේශීයව හඳුනාගත්‌ පුද්ගලයින්‌ ලෙස වාර්ථා වේ. හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්ථා වන අතර, ඒ ආසාදිතයින්‌ 261 ක්‌ ලෙසයි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 142 ක්‌ සහ බදුල්ලදිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 61 ක්‌ ලෙස වාර්ථා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 464 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    ඒ් අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 65,697 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 59,042 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 6,325 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    Latest News