වරායේ නැ.පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබ්නට් අනුමැතිය

පෙබ 02, 2021

    කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලු පර්යන්තයක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ බව ප්‍රකාශ කෙරුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී. කොළඹ වරාය මෙම කලාපයේ තරගකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුගත වෙමින් ඉන්දීය රජය සහ ජපාන රජය විසින් නම් කරනු ලබන පාර්ශවයන් සහ ශ්‍රි ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර ක්‍රියාත්මක කර වසර 35කින් ආපසු බාරදීමේ පදනම මත කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තය සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවයි.

    මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දෙ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහා විසින්. කොළඹ දකුණු වරායේ නැගෙනහිර බහාලු පර්යන්තය සංවර්ධනයට අදාළව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. එම ගිවිසුමේ විධිවිධාන අනුව, ඉන්දීය ආයෝජකයෙක් විසින් ඉදිරිපත් කරන ලද, ආයෝජන යෝජනාවක් ඇගයීම පිණිස සාකච්ජා සම්මුති කමිටුවක් පත් කිරීමට අනුමැතිය දෙනු ලැ‍බීය.

    ඒ ඉකුත් වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී. එම සාකච්ජා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නි‍ර්දේශ පදනම් කරගෙන වරාය හා නාවික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරල ලද අදාළ යෝජනාවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 10:03

    Latest News