රජයේ රෝහල් 40ක රෝගීන් ලක්ෂ පනහකට ඩිජිටල් පහසුකම්

පෙබ 02, 2021

    ඩිජිටල් කරණය වූ රජයේ රෝහල් 40ක රෝගීන් ලක්ෂ පනහකට වැඩි (5047798) ප්‍රමාණයක් මේ වනවිට ලියාපදිංචිවී ඇතිබව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

    මෙම රාජ්‍යය සෞඛ්‍ය සේවා ඩිජිටල් කරණය වැඩපිළිවල යටතේ ලියාපදිංචිව, සේවාලබගත් අවස්ථා ලක්ෂ එකසිය තිස්හතරක් 134 (13,456,153) ඉක්මවා ඇතිබව ඊට අදාළ මෘදුකාංග වාර්තාවන් පෙන්නා දෙයි.

    මේ වන විට දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු රෝහල් 40 කට පමණ මෙම මෙම ඩිජිටල්කරණ වැඩසටහන හදුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සාර්තකව සිදුවන බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් ප්‍රධානි ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

    මේ ඩිජිටල් කරණ ව්‍යයාපෘතිය යටතේ රෝගියෙක් රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමේදී පෞද්ගලික සෞඛ්‍යය අංකයක් සහිත බාකෝඩ් කේතයක් ලැබෙන අතර රෝග විස්තර, ලබාගත් ප්‍රතිකාර, අදාළ වෛද්‍යය වාර්තා, ඒ යටතේ තොරතුරු පද්ධතියට ඇතුලත්වේ.

    මෙනිසා රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ.

    එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදු වුව‍හොත් රෝගී ඉතිහාසය පිලිබද දත්ත පෞද්ගලික සෞඛ්‍ය්‍ය ය අංකය සහිතබාකෝඩ් අංකය යටතේ වාර්ථා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එහි අඩංගු තොරතුරු පරිශ්‍රීලනය කිරීමටත් රෝග විනිශ්චයන් සදහාත් පහසුවේ.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 10:38

    Latest News