වරාය අධිකාරියට සිදුකරනු ලබන සියලු නැව් ගාස්තු ඩොලර් මඟින් ගෙවීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් විසින් උපදෙස් ලබාදී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් හදිසි ගින්න සම්බන්ධයෙන් ඇතැම් පුවත්පත් හා සමාජජාල වෙබ් අඩවි වල පළ වූ පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථාවරය පැහැදිලිකර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරිත්වය සහිත බහලු පර්යන්තයක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ.

Latest News