නැවේ ගින්න සම්බන්ධයෙන් වරාය අධිකාරිය සිය ස්ථාවරය පැහැදිලි කරයි

මැයි 28, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් හදිසි ගින්න සම්බන්ධයෙන් ඇතැම් පුවත්පත් හා සමාජජාල වෙබ් අඩවි වල පළ වූ පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථාවරය පැහැදිලිකර තිබේ.

    ඇතැම් මාධ්‍යයන් හි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් ද යම් යම් සාවද්‍ය තොරතුරු පළ වී තිබුණ බවයි වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    ........................


    කොළඹ වරායට අයත් බහලු පර්යන්තයේ බහලු මෙහෙයුම් සේවාවන් ලබා ගැනීමට සැලසුම් කළ නෞකාවක් ලෙසින් සැලකෙන මෙම නෞකාව එම පර්යන්තයේ දී බහලු මෙහෙයුම් ඇරඹීමට නියමිතව තිබිණ.

    නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් 19 වැනි දින රාත්‍රියේ ගුවන් විදුලි පණිවිඩ ඔස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාළන මැදිරිය අමතා පවසා තිබුණේ නෞකාව වරාය සීමාවට පැමිණෙන්නේ එදින මධ්‍යම රාත්‍රියේ බවත්, එය කොළඹ වරායේ දියත් ප්‍රදේශයට පැමිණෙන්නේ 20 වැනි දින අළුයම බවත්වය. මේ අවස්ථාවේ නැංගුරම්පොළ සූදානම් නොමැති හෙයින් බහලු මෙහෙයුම් ක්‍රියාවලියේ දී සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයෙන් වරාය මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටීම ට නෞකාව වෙත අවසර ලබා දෙන ලදී.

    මේ වන විටත් කිසිඳු ආකාරයක විශේෂිත සිදුවීමක් පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත වාචිකව හෝ ලිඛිතව එම නෞකාව මගින් දන්වා නොතිබුණි. නෞකාව වරාය තුළ ට පැමිණීමට නියමිතව තිබුණේ, පැය 23කට පසුවය.

    කාන්දුවන නයිට්‍රික් අම්ලය සහිත බහලුවක් ගොඩබා නැවත සකස් කිරීමට අවසර ඉල්ලා හාබර් මාස්ටර් වෙත නැව් නියෝජිතයන්ගෙන් විද්‍යුත් පණිවිඩයක් ලැබෙන්නේ ඉන් පසුවයි.

    Ship

    Latest News