වරාය අධිකාරියෙන් නිවේදනයක්

නොවැ 26, 2020

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ.

    කොවිඞ්-19 අධි වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ පර්යන්ත වල ගෙවී ගිය සතියක දී යම් බලපෑමක් සිදු වි ය.

    කෙසේ වෙතත් කොළඹ වරායේ සියලු පර්යන්තයන්ගේ මෙහෙයුම් යථාවත් කිරීම හා වරාය භාවිතා කරන්නන්ගේ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණෙන් ජය බහලු පර්යන්තය, නැගෙනහිර බහලු පර්යන්තය, සමගි බහලු පර්යන්තය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය, සී.අයි.සී.ටී. පර්යන්තය ඒකාබද්ධව කටයුතු කරමින් කොළඹ වරායේ මෙහෙයුම් පෙර පරිදි කාර්යක්‍ෂම ලෙසින් සිදු කිරීමට සියලු පියවර ගෙන තිබේ.

    ඒ සඳහා මෙහෙයුම් හා අන්තර් පර්යන්ත හුවමාරු සැලසුම් කර ඇති ආකාරයටම නිසි ලෙසින් කළමණාකරණය කිරීමට සමත් වී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 'කොවිඩ්-19' අධි වසංගත තත්ත්වය මර්ධනයට පනවා ඇති සෞඛ්‍ය උපදේශන හා චක්‍ර ලේඛණ වලට අනුගතව එම සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙසින් පවත්වාගෙන යමින් මෙලෙස කොළඹ වරායේ බහලු මෙහෙයුම් නිසි පරිදි සිදු කිරීමට කටයුතු කිරීම විශේෂිත ය.

    සංඛ්‍යාලේඛණ දත්තයන්ට අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වැනි දින සිට එස්.ඒ.ජී.ටී. පර්යන්තය සාර්ථකව සිය මෙහෙයුම් ධාරිතාව කරා එළඹ තිබේ.

    එස්.ඒ.ජී.ටී. පර්යන්තය සිය නැංගුරම්පොළ ත්‍රිත්වයම සාර්ථක ලෙස බහලු නෞකාවන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රශස්ථ ලෙස උපයුක්ත කරමින්, කිසිදු බාධාවකින් තොරව ආනයන අපනයන මෙහෙයුම් සිදු කරමින් පවතී.

    කොළඹ වරායේ සියලුම පර්යන්ත අපගේ සියලු පාර්ශවකරුවන්ගේ සේවාවන් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් සැම විටම කැප වී සිටියි.

    කොවිඞ්-19 දෙවන රැල්ල රට තුළ ව්‍යාප්ත වීමට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් සියලුම පර්යන්ත උපායමාර්ගික අර්බුද කළමණාකරණ සැලැස්මක් ක්‍රියාවට නංවමින් වරාය මෙහෙයුම් නිසි පරිදි පවත්වා ගැනීමට සමත් විය.

    ඒ අනුව රජයේ සෞඛ්‍යාරක්‍ෂණ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරමින් වරාය සේවක මහත්ම මහත්මීන් හා වරාය භාවිතාකරන්නන් මෙම අධි වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂා කිරීමට සියලු පියවර ගෙන තිබේ.

    මේ ලෙසින් කොළඹ වරාය කටයුතු කරන ආකාරය සැලකිල්ලට ගැනීම තුළින් සියලු මෙහෙයුම් යථා තත්ත්වයට පැමිණ ඇති හෙයින්, අපගේ ගනුදනුකරුවන්ට විශිෂ්ටවූත්, කාර්යක්‍ෂමවූත් සේවාවක් ලබා දිය හැකිබව අපගේ විශ්වාසයයි.

    ඒ සඳහා අපගේ ගනුදෙනුකරුවන් විසින් අප වෙත ලබා දෙන සහයෝගය මෙම කාර්යභාරය සඵල කර ගැනීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාණ්ඩ නිශ්කාෂණය කරන්නන්ගේ සේවාවන් වඩා සඵලදායී ලෙස කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය අන්තර්ජාල මාධ්‍ය පහසුකම් සලසා ඇත.

    කෙසේ වෙතත් එම නිශ්කාෂණ කටයුතු වල දී කිසියම් අපහසුතාවයක් පවතී නම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෑලියගොඩ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිළධාරියා දුරකතන අංක 07-18531859 ද, කොළඹ වරායේ සේවා සැපැයුම් කොට්ඨාශයේ සේවා භාර නිළධාරියා දුරකතන අංක 071-8688361 ඔස්සේ ඕනෑම වේලාවක සම්බන්ධ කර ගත හැකි ය.

    එසේ ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් එස්.ඒ.ජී.ටී හා සී.අයි.සී.ටී. සහෝදර පර්යන්තයන්ගේ සහයෝගය ද ඇතිව වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙසින් සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් කුටියක් ස්ථාපිත කර ඇත.

    අපගේ ගනුදෙනුකරුවන් ට වරාය සේවා සහ පර්යන්ත මෙහෙයුම් පිළිබඳ කිසියම් විමසීමක් ඇත්නම් 011-2320405 දුරකතන අංකයෙන් හෝ 071-6889452 අංකයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කුටියේ කාර්යභාර නිළධාරියා ඇමතිය හැකි බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News