වාකරේ කදිරවේලි රක්ෂිතය වනසමින් වැලි කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකෙු විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් ව තිබේ.

වැලි බලපත්‍ර දීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(10) අවධාරණය කළේය.

පොළොන්නරුව,මනම්පිටිය වැලි නිධියේ වැලි අක්‍රමිකතාවකින් තොරව නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහැරීමට ක්‍රියා කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොළඹ සිට අඟුලාන දක්වා වෙරළ තීරයේ සිදු කරනු ලබන වැලි කැණීම් හේතුවෙන්, ධීවර ජනතාවට බලපෑමක් සිදුවන්නේ නම් ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන බව, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, එම වෙරළ තීරයේ නිරීක්ෂණයකට එක්වෙමින්.

වැල්ලවාය, සුදුපානාවල අමුණ ආශ්‍රිත ප්‍රදේශයේ කිරිදිඔයේ වැලි කැණීම් නිසා සුදුපානාවල අමුණවිනාශ වන බව පවසමින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කිරිමත් සමගඊයේ (24) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

කින්නියා, මයිලප්පන්චේනේ ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කන්දල්කාඩු ප්‍රදේශයේ දී අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් හා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News