නිදහස් දින උත්සවය වෙනුවෙන් වාහන ගමනාගමනයට සීමා

ජන 28, 2021

    73 වැනි නිදහස් උත්සවයේ පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4 වැනිදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ සම්බන්ධ විකල්ප මාර්ග අදාළ ස්ථානවල රැඳී සිටින පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ඇති බවද ප්‍රකාශ කරයි.

    නිදහස් උත්සවයට අදාළ පෙරහුරු ජනවාරි 30 සහ 31ත් පෙබරවාරි 1,2,3 යන දිනයන් හිදී ද නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වේ.

    බොරැල්ල දෙස සිට නෙළුම් පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන හෝර්ටන් පෙදෙස දෙසට පැමිණ විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කළ යුතු වෙයි.

    පිටවන වාහනද ඒ ඔස්සේ ගමන් කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    බෞද්ධාලෝක මාර්ගයේ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 10:52

    Latest News