‍හෑස් ඔයිල් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ජන 28, 2021

    මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ලක්ෂ 35ක් පමණ වටිනා ටෙට්ට්‍රා හයිඩ්‍රො කැනබිනෝල් නොහොත් හෑස් ඔයිල් කිලෝ 01 ග්‍රෑම් 5ක් සමග සැකකරුවෙක් මෝටර් රථයක ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    මහරගම,ඇරැව්වල ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් හට තොරතුරක් මත වැටලීම සිදු කෙරිණ.

    සැකකරු වයස අවුරුදු 31ක් වන පන්නිපිටිය,පැලන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු 2021.01.08 වන අද දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News