රාජ්‍ය ඇමැති අරුන්දිකට කොරෝනා - ඇමැති සී. බී. නිරෝධායනයට

ජන 28, 2021

    රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයක් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ. අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා සමඟ උත්සවයකට සහභාගී වී ඇති ඇමැති සී. බී. රත්නායක මහතාද ඊයේ (27) සිට ස්වයං නිරෝධායනයට යොමු වී තිබේ.

    කොවිඩ් ආසාදනය වූ 07 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහු වන අතර මින් පෙර දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, රවුෆ් හකීම්, පියල් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, වසන්ත යාපා බණ්ඩාර යන මැති ඇමැතිවරුන් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු විය.

    දයාසිරි ජයසේකර මහතා සහ වාසුදේව නානායක්කාර මහතා මේ වන විට සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    Latest News