රාගම සිසු ගැටුමට හිටපු ඇමති අරුන්දික නිර්දෝෂී

මාර් 04, 2022

    රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීමට හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධයක් නොමැති බව හෙළි වී තිබේ.

    2022 පෙබරවාරි මස 01 දා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් වාර්තා වුනා. පසුව ඒ සම්බන්ධ ව පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් ජනාධිපතිතුමා පත් කළා.

    එම වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ භාර දුන්නා.

    එහි දැක්වෙන්නේ නීතිය අපක්ෂපාතීව ඉටු කිරීම සඳහා ද ඔහු ඉඩ ලබාදී ඇති බවයි. ඒ අනුව සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු නිර්දෝශි අයෙකු බව නිගමනය කරන බව කමිටුව වාර්තාව මගින් දක්වා තිබෙනවා.

    එහිදී අනාවරණය වී ඇත්තේ එම සිදුවීම තෙවන හා සිව්වන වසරවල සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම් සහගතව හා චේතනාන්විතව සිදුකළ ගැටුමක් නොවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ද අත්අඩංගුවට ගැණුනා.

    Latest News