දෙනුවර මැණිකේ තාවකාලිකව නවතී

ජන 28, 2021

    උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන 'දෙනුවර මැණිකේ' දුම්රිය ධාවනය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතරකර තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, දුම්රියේ කලින් ආසන වෙන්කර ධාවනය කරනු ලබන දුම්රියක් වන අතර ඒ සඳහා ආසන වෙන්කිරීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම පියවරගත් බවයි.

    මෙම දුම්රියේ ගමන් කිරීමට මේ වන විට ආසන වෙන්කර ගත් මගීන් සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන 'පොඩි මැණිකේ' දුම්රිය යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    001

    Latest News