අමෙරිකාවේ නිරෝධායනය දින 5ට අඩුවෙයි

දෙසැ 28, 2021

    අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සඳහා වන නිරෝධායන කාලසීමාව දින 10 සිට 5 දක්වා අඩුකර තිබේ.

    ඉන් අනතුරුව තවත් දින 5ක් පොදු ස්ථානවලදී සහ තවත් පුද්ගලයෙක් හමුවන අවස්ථාවේ දී මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය වෙයි. අමෙරිකාවේ කොරෝනා ආසාදන හේතුවෙන් රැකියා ස්ථානවල සිදුවී ඇති ගැටලුකාරී තත්වය අවම කර ගැනීමේ අදහසින් මෙම නව නීති හඳුන්වා දී තිබේ.

    අමෙරිකාවේ ගුවන් කාර්ය මණ්ඩලට කොරෝනා ආසාදන වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට සිදුවිය.

    ගුවන් කාර්ය මණ්ඩලවලට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පසුගිය සති අන්තය තුළ පමණක් අත්හිටවූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 8000කට අධිකයි.

    Last modified on අඟහරුවාදා, 28 දෙසැම්බර් 2021 10:21

    Latest News