බොල්ණය අයකර ගන්න ඇමති උපදෙස්

ජන 26, 2019

    බොල්ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති මිලියන 1119 ක මුදල කඩිනමින් අයකර ගැනීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

     සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පසුගිය වසර තුළ දී ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්හි ප්‍රගතිය සමාලෝචනය සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලද අතර, සමස්ත බොල්ණය දත්ත ඇතුළත් සවිස්තර වාර්තාවක් සතියක් තුළ තමාවෙත ලබා දෙන්නැයි ද පැවසීය.

    සමෘද්ධි බැංකු මඟින් ක්‍රියාත්මක කරන ලද රටවිරු නිවාස ණය යෝජනා ක්‍රමය, දිවිනැඟුම සහණ අරුණ සහ දිරිය සවිය ණය යෝජනා ක්‍රම මඟින් ප්‍රතිලාභීන්මිලියන 0.3ක් වෙත මිලියන 13 ක පමණ ණය මුදල් නිකුත් කොට ඇත. එම වැඩසටහන් මඟින් අයවීමට ඇති බොල් ණය ප්‍රමාණය මිලියන 388 ඉක්මවයි.

    සමෘද්ධි බැංකු ජාලය මඟින් ප්‍රතිලාභීන් මිලියන 09ක් සඳහා මෙතෙක් ණය මුදල් නිකුත් කොට ඇත. එහි මූල්‍ය වටිනාකම බිලියන 261කි. සමෘද්ධි බැංකු මඟින් ක්‍රියාත්මක කරන ලද සියලු ණය වැඩසටහන්හි බොල් ණය ප්‍රමාණය මිලියන 1119ක් පමණ බව ගණන් බලා ඇත. සමස්ථ බොල් ණය අනුපාතය 1.7% කි. දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු ගණන 1073ක් බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

     

    Latest News