පෙර පාසල් ගුරුවරුන්ට ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය මුදලක්

අප්‍රේ 04, 2020

    පෙර පාසල් ගුරුවරුන් 50,000ක් සදහා රුපියල් 30,000ක ණය මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව තීරණය කර තිබේ.

    කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පෙර පාසල් ගුරුවරුන්ට ශක්තියක් වීම වැඩසටහනේ අරමුණයි. ණය මුදල ලබා දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දී, ඊයේ සිදු කෙරිණ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මගින් වැඩසටහන ක්‍රියාත්කර කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    පෙර පාසල් ගුරුවරුන්ගේ සුබ සාධනය මෙහි මූලික අපේක්ෂාවයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේශිලා ජයවර්ධන, ශ්‍රී ලංකා පෙර පාසල් ගරු සංගමයේ ජාතික කැඳවුම්කරු අසංක ශ්‍රීනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටියේය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරිය කියා සිටියේ, පවතින වසංගත තත්වය හමුවේ බැංකුව මගින් ජනතාවට ලබා දිය හැකි උපරිම සේවාව සැලසීමට කටයුතු කරන බවයි.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 11:57

    Latest News