මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කෙරේ

ජන 25, 2019

    ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකුගේ දේපොළ රාජසන්තක කිරීමට විමර්ශන අරඹා ඇතැයි පොලිසිය පවසයි.

    ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාවලිය සිදු කෙරෙන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුණසේකර මහතා මේ අදහස් පළ කළේය.

    නීති විරෝධ මත්ද්‍රව්‍ය සහ ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දීප ව්‍යාප්තව දැඩි කර ඇතැයි ඔහු කියා සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ගෙවුණු දින 25 තුළ පමණක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 107ක්, සැකකරුවන් 2,895 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉතිහාසයේ වැඩිම විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පසුගිය වසරේ සිදු කෙරුණු බවයි. එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 737ක් සමඟ සැකකරුවන් 40,987 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. කොකේන් කිලෝ 18ක් හා හෂීස් කිලෝ ග්‍රෑම් 13ක් ද පසුගිය වසරේ සොයා ගෙන තිබේ.

    මෙලෙස පොලිස් බාරයට ගත් විෂ මත්ද්‍රව්‍ය විනාශ නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය. මතින් නිදහස් රටක් බිහිකර ගැනීමේ අරමුණින් සියලු දෙනා එක්ම ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා තවදුරටත් පැවසීය.

    Latest News