මට්ටක්කුලිය දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්

ජන 23, 2021

    මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් ආශ්‍රිතව සිදුකරනු ලැබූ පීසීආර් පරීක්ෂණවල දී පියතුමන්ලා 9 දෙනෙක් කොවිඩ් 19 රෝගීන් බවට හඳුනාගෙන තිබේ.

    එම දේවස්ථාන ආශ්‍රිතව තවත් පුහුණුවන පියතුමන්ලා 50ක් පමණ සිටින බවත් ඔවුන් ඊයේ දිනයේ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවත් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.

    හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින බොස්කො විද්‍යාලයේ සිසුවෙක්ට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ. පාසල් වේලාව තුළ ඔහු අද වැටීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙනුයි, සිසුවා කොවිඩ් රෝගියෙක් ලෙස හඳුනාගෙන ඇත්තේ.

    මේ හේතුවෙන් ඔහු ඉගෙනුම ලැබූ පන්තිකාමරයේ සිසුන් 37 දෙනෙක්, ආචාර්ය මණ්ඩලයේ 14 නිරෝධායනයට ලක්කර තිබේ.

    Latest News