කරුවලගස්වැවදී නිදන් සොයා කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

ජන 23, 2021

    කරුවලගස්වැව, මූනමල්ගස්වැව ප්‍රදේශයේ ඉඩමක නිදන් සොයා කැණීම් කළ හිමිනමක් ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, සාලියවැව පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

    අත්අඩංගුවට ගැණුනු හිමිනම දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ විහාරස්ථානය වැඩවසන හිමිනමක් බවයි පොලීසිය පැවසුවේ.

    අනෙක් සැකකරුවන් නාරම්මල සහ මුණමල්ගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

    සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News