ශානි අබේසේකර අද කොමිසම හමුවට

ජන 19, 2021

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (19) දිනයේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

    ශානි අබේසේකර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.

    දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳීම හේතුවෙන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට හැකියාව නොලැබිණ.

    ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද දිනයේ මොහු කොමිසම හමුවට ඉදිරිපත් කරනු ඇති.

    පාස්කු කොමිසම නව වසරේ පළමුවරට අද දිනයේ රැස්වන අතර මෙම මස 31 වන දිනෙන් එහි කාලය අවසන් වීමට නියමිතයි.

    ඒ අනුව කොමිසමේ සාමාජිකයින් මේ වන විට සිය අවසන් වාර්තාව සකස් කරමින් සිටින බව ද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    Latest News