හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

ජූලි 31, 2020

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ෂානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ කොළඹ අපරාධ කොට්ඨාසය මගින්. විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මතයි, ෂානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ. අද උදෑසන ඔහුගේ නිවසේදී, අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 11:02

    Latest News