පාර්ලිමේන්තුව අද10.00ට රැස්වෙයි

ජන 19, 2021

    සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි.

    පෙරවරු 10.00 සිට පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමට හැකියාව පවතින අතර එහිදී අසනු ලබන ප්‍රශ්න සංඛ්‍යාව 10කට සීමා කර තිබේ.

    කොවිඩ් නයින්ටීන් පැතිරීම සැළකිල්ලට ගනිමින් මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද සහ හෙට දිනට පමණක් සීමා කර ඇත.

    ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළ විශේෂ විගණන වාර්තාව අද (19) කෝප් කමිටුවේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබේ.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කිහිපදෙනෙකු හෙට (20) කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කරයි.

    මෙම වසරේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වන තෙවන අවස්ථාව මෙය වේ.

    කොවිඩ් නයින්ටීන් රෙගුලාසිවලට අනුව කෝප් කමිටුව රැස්වීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.

    Latest News