තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජන 15, 2021

    අද (15) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 28 දෙනෙකු, UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඔස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 44 දෙනෙකු සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 37 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

    එසේම, අද (15) දිනය තුළ UL 554 දරණ මගී ගුවන් යානය මගින් ජර්මනියේ සිට පුද්ගලයින් 08 දෙනෙකු, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 06 දෙනෙකු, UL 1208 දරණ මගී ගුවන් යානය මගින් ඉතාලියේ සිට පුද්ගලයින් 31 දෙනෙකු, PS 6385 දරණ මගී ගුවන් යානය මගින් යුක්රේනයේ සිට පුද්ගලයින් 80 දෙනෙකු, UL 190 දරණ මගී ගුවන් යානය මගින් බංගලාදේශයේ සිට පුද්ගලයින් 07 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතයි.

    එමෙන්ම TK 730 දරණ මගී ගුවන් යානය මගින් තුර්කියේ සිට පුද්ගලයින් 08 දෙනෙකු, UL 320 දරණ මගී ගුවන් යානය මගින් මැලේසියාවේ සිට පුද්ගලයින් 11 දෙනෙකු, MU 231 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 29 දෙනෙකු ද මෙරටට පැමිණීමට නියමිතව ඇත.

    UL 206 දරණ මගී ගුවන් යානය මගින් ඕමානයේ සිට පුද්ගලයින් 290 දෙනෙකු ET 8602 206 දරණ මගී ගුවන් යානය මගින් ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 70 දෙනෙකු, KQ 228 දරණ මගී ගුවන් යානය මගින් ඇමරිකා එක්සත් ජනපදයේ සිට පුද්ගලයින් 43 දෙනෙකු සහ SQ 468 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 17 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (15) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 6,790 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (14) දිනය තුල PCR පරික්ෂ්ණ 14,565 ක් සිදුකර ඇත.

    Latest News