තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

ජන 13, 2021

    අද (13) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 10 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 36 දෙනෙකු, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 78 දෙනෙකු සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්ය්යේ සිට පුද්ගලයින් 73 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (13) දිනය තුළ UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 13 දෙනෙකු, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 03 දෙනෙකු, UL 190 දරණ මගී ගුවන් යානය මගින් බංගලාදේශයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

    TK 730 දරණ මගී ගුවන් යානය මගින් තුර්කියේ සිට පුද්ගලයින් 06 දෙනෙකු, UL 303 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 11 දෙනෙකු, UL 881 දරණ මගී ගුවන් යානය මගින් චිනයේ සිට පුද්ගලයින් 06 දෙනෙකු සහ EY 264 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්යුයේ සිට පුද්ගලයින් 14 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (13) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 80 ක් තුළ පුද්ගලයින් 6,606 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (12) දිනය තුල PCR පරික්ෂ්ණ 12,139 ක් සිදුකර ඇත.

    Latest News