තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

ජන 19, 2021

    අද (19) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 33 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 22 දෙනෙකු, MU 713 දරණ මගී ගුවන් යානය මගින් චිනයේ සිට පුද්ගලයින් 39 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (19) දිනය තුළ UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 84 දෙනෙකු, AI 273 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 25 දෙනෙකු, PQ 555 දරණ මගී ගුවන් යානය මගින් යුක්රේනයේ සිට පුද්ගලයින් 105 දෙනෙකු, EK 648 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 75 දෙනෙකු සහ SQ 468 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පූරුවේ සිට පුද්ගලයින් 23 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්යලස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (19) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92ක් තුළ පුද්ගලයින් 8,198 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (18) දිනය තුල PCR පරික්ෂහණ 14,984 ක් සිදුකර ඇත.

    Latest News