තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ජන 12, 2021

    අද (12) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 46 දෙනෙකු, Q2 6944 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 76 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

    එමෙන්ම, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 300 දෙනෙකු, MU 731 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට එක් පුද්ගලයෙකු සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 11 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (12) දිනය තුළ TK 730 දරණ මගී ගුවන් යානය මගින් තුර්කියේ සිට පුද්ගලයින් 05 දෙනෙකු, UL 1365 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දුනීසියාවේ සිට තවත් පුද්ගලයින් පිරිසක්, EK 648 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබී එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 65 දෙනෙකු සහ SQ 468 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 06 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. 

    අද (12) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් තුළ පුද්ගලයින් 6,267 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (11) දිනය තුල PCR පරික්‍ෂණ 13,224 ක් සිදුකර ඇත.

    Latest News