හැටන් කඩ වැසෙයි - කළු කොඩි එසවෙයි

ඔක් 24, 2018
    වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය දක්වා හැටන් නගරයේ සියලුම වෙලදසැල් වසා දමා කළු කොඩි ඔසවා  තිබේ.
    හැටන් අවට තේ වතු වල වතු කම්කරුවන් සහ හැටන් නගරයේ වෙළදසැල් වල රැකියා කරන සේවකයින් සහ හැටන් නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් , වැන් රථ හිමියන් ඇතුළු සියලු දෙනා එක් වි තමන්ගේ මුලික වැටුප රු1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් උද්ඝෝෂණයක්ද පවත්වනු ලැබීය.
    වතු කම්කරුවන්ගේ මුලික වැටුප  රු 1200 දක්වා වැඩි කරන ලෙස ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙස ඉල්ලමින් සන්දේශයක් භාර දිමට බගවන්තලාව නගරයේ සිට ඊයේ (23) දහවල් කොළඹ දක්වා පා ගමනක් ආරම්භ කළ හැටන් වැලිඔය වත්තේ තරුණයන් පිරිසක් අද (24) දෙවනි දිනට හැටන් නගරයේ සිට ගමන් ආරම්භ කරනු ලැබූහ.
    වතු සමාගම් වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැන ගෙවන  රු 530 රු 600  දක්වා වැඩි කල හැකි බවයි. නමුත් එම යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කර ඇත

    Latest News