"හර්තාල්" ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන් පිළිබඳ මුහුණු පොත ඔස්සේ කෙරෙන ප්‍රචාරය අසත්‍යයක්; ජනාධිපති මාධ්‍ය අංශය

මැයි 06, 2022

    "හර්තාල්" ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට මුහුණු පොත ඔස්සේ කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

    පසුගිය 03වැනිදා නිකුත් කළ බවට දිනය යොදා, සිය අංශයේ ලිපි ශීර්ෂය භාවිත කරමින් මෙම අසත්‍ය පුවත පළ කර ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදුකර නොමැති අතර, මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනයෙන් කියා සිටිනවා.

    Latest News