නිරිතදිගට වැසි වැඩිවීමක්

ඔක් 24, 2018

    අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

    බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

    දිවයින වටා වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දිවයිනට උතුරු, වයඹ, බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලතැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    ත්‍රිකුණාමලයසිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළං ඊසාන දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිශ්චිත දිශාවකින් තොරව හමයි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය පැ.කී.මී. 20-30 පමණ වෙයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.

    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 11:46

    Latest News