අනවසරයෙන් විවෘත කළ හැටන් වෙළඳසැල් වටලයි

ජූනි 08, 2021

    සංචරණ සිමා පනවා තිබියදි ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරියගේ නිසි අවසර පත්‍රයක් නොමැතිව හැටන් සහ දික්ඔය නගර වල විවෘත කර තිබූ වෙලදසැල් වසා දමා එම වෙලදසැල් හිමිකරුවන්ට දැඩි ලෙස අවවාද කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කළේය.

    හැටන් සහ දික්ඔය යන නගරවල ඇතැම් ස්වර්ණාභරණ වෙලදසැල් ඉතා සුක්ෂම ලෙස විවෘත කර ස්වර්ණාභරණ උකස් ගැනිමේ කටයුතු වල නියැලි සිටින බවට හැටන් පොලිසියට ලද තොරතුරක් මත එම වෙලදසැල් වසා දැමිමට පොලිස් නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

    මේ අතර හැටන් නගරය හරහා අතවශ්‍ය නොවන කටයුතු සදහා ධාවනය කරවන වාහන ආපසු හරාවා යැවිමටද හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කළේය.

    heton1

    heton2

    heton3

    Latest News