මෝදර දී කහ තොගයක් අත්අඩංගුවට

ජන 06, 2021

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ කහ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කහ ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථයක් ද අත්අඩංගුවට ගත් බවයි.

    මෝදර පොලීසිය සිදුකළ වැටලීමක දී කහ කිලෝග්‍රෑම් 1,128ක තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු අතර අදාළ කහ තොගය කිලෝග්‍රෑම් 24 බැගින් පාර්සල්වල සඟවා තිබිණ.

    කහ තොගය, මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවටයි,පොලීසිය සැක පළ ක‍රන්නේ.

    Latest News