නිවසට ගලක් පෙරළිමෙන් කාන්තාවකට තුවාල

ජන 05, 2021

    ගිනිගත්හේන - පිටවල "ගීකියන ගෙදර " ගම්මානයේ නිවසකට විශාල ගලක් පෙරළිමෙන් 21ක් හැවිරිදි එක්දරු මවත් තුවාල ලබා තිබේ.

    ඊයේ (04) රාත්‍රි 9.10ට පමණ එම ගල නිවස දෙසට පෙරළිමෙන් නිවසේ බිත්ති හා වහලය කඩා වැටීම නිසා කාමරයේ නින්දට යාමට සුදානම් වෙමින් සිටි කාන්තාව ට තුවාල සිදුවී තිබේ.

    ඊයේ සවස 2.00 පමණ සිට ‍එම ප්‍රදේශයට නොනවත්වා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙමින් තිබූ බවද නිවැසියන් පවසයි.

    නිවසට හා ගෘහ භාණ්ඩවලටද හානි සිදුවී ඇති අතර තුවාල ලැබූ කාන්තාව ගිනිගත්හේන දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

    ඇයගේ තත්ත්වය බරපතල නොවන බව ගිනිගත්හේන රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

    unnamed 1

    unnamed 2

    Latest News