රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙති

ජන 05, 2021

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුනි.

    ඒ අපේ ජලබල පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන්. පසුගිය අගෝස්තු 5 වැනිදා පැවති මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය.

    එහෙත්, ඒ සඳහා අයෙක් නම් කිරීම පිළිබඳ ඇති වූයේ ගැටලුකාරී තත්වයක්. කෙසේ වෙතත්, මාස කිහිපයකට පසු එම මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ සභාව ආරම්භයේදීම උන්වහන්සේ දිවුරුම් දෙනු ලැබීය. ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 වසරේ දී කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 2010 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    2015 වසරේ දී උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ, එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙසයි. උන්වහන්සේ පාර්ලිමේන්තුවට නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි.

    Latest News