මාවනැල්ල බුදු පිළිමවලට හානිකළ සැකකරු අත්අඩංගුවට

ජන 05, 2021

    මාවනැල්ල, ඉඹුල ප්‍රදේයේ පසුගියදා (28) බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු ප්‍රියන්ත සම්පත් කුමාර නැමැති කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

    එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු පුද්ගලයෙක්.

    ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට වාර්තා වන බවත්, මීට පෙරද පූජනීය ස්ථාන ආශ්‍රිතව තිබූ පිංකැට බිඳ මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙක් වූ අයෙක් බවත්,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔහු විසින් සිදුකළ පාපෝච්චාරණයකට අනූව මෙම බුදු පිළිම වහන්සේ අසළ තිබී රුපියල් 60ක පමණ මුදලක් ඔහු ලබාගත් බවට වාර්තා වී ඇති බවත් අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News