මාවනැල්ල බුදුපිලිම කැඩූ 28ක් යළි රිමාන්ඩ්

පෙබ 03, 2020

    මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 දෙනා පෙබරවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

    2018 දෙසැම්බර් මස මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තිබූ බුදුපිලිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව මාවනැල්ල පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් අනතුරුව 42 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. ඉන් කිහිප දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වෙයි.

    තවත් කිහිපදෙනෙකු අසනීපව බන්ධනාගාර රෝහල් ගත කර තිබේ. ඉන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු 28 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකු වෙයි.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 14:12

    Latest News