බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන්‌ ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

ජූනි 29, 2020

    මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියට අදාළව දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්‌ ලබන 13 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත්‌ අධිකරණය අද නියෝග කළා.

    2018 වසරේ, දෙසැම්බර්‌ 21 වැනිදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ ස්ථාන 5 ක තිබූ බුදු පිළිමවලට හානි කිරීම, ඔවුන්ට එරෙහි චෝදනාවයි, මාවනැල්ල පොලීසිය කළ මෙහෙයුමවලදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන්‌ පිරිසක්‌ ‌අඩංගුවට ගැනුණා.

    Latest News