මාවනැල්ල, ඉඹුල ප්‍රදේයේ පසුගියදා (28) බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියට අදාළව දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්‌ ලබන 13 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත්‌ අධිකරණය අද නියෝග කළා.

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 දෙනා පෙබරවාරි 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

Latest News