නිරෝධායන නීති කැඩූ මාවනැල් ප්‍රා.සභා රැස්වීම අත්හිටුවයි

නොවැ 10, 2020

    අද පැවැත්වීමට නියමිතව තිබූ මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්වීම නොපවත්වන ලෙස කෑගල්ල,දිසා මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කැදවීම මත එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබිණ. කොවිඩ්-19 වසංගතය හමුවේ මාවනැල්ල ‍නගරය හුදෙකලා කොට ඇති නිසා රැස්වීම නොපවත්වන ලෙස පොලීසිය විසින් සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

    එහෙත් එය නොතකාහැර රැස්වීම පැවැත්වීමට සූදානම් වීම නිසා මාවනැල්ල පොලීසිය මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කොට,තහනම් ‍නියෝගය ලබා ගෙන තිබිණ. අනතුරුව,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    Latest News