මධ්‍යම පාන්තික ආදායම්ලාභීට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද

ජන 04, 2021

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මධ්‍යම පාන්තික ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (04) ආරම්භ කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    එම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 3000ක් ඉදිකිරීමේ කටයුතු අද ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

    පළමු අදියර යටතේ මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර, බොරලැස්ගමුව ප්‍රදේශවල ඉදිකිරීමට නියමිත බවයි,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ.

    ඊට අමතරව තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සඳහා ද මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News